Friday, October 26, 2012

සැබෑ නොවන හීනය





මම කිසිම හේතුවක් නැතුව මහනුවර ඔරලෝසු කණුව අසල ඇති උමග තුලින් පැමිණ දළදා වීදිය දිගේ ඉදිරියට ඇදෙන්නට විය. ඔබ මොහොතකට නැවතී මෙම වීදියේ අනෙක් කෙළවර දිහා තත්පර 5ක කාලයක් ඇස් යොමාගෙන හිටියොත් විවිධාකාරයේ මිනිසුන් දහසක් ප්‍රමාණයක් එක් මොහතකදී බලා ගැනීමේ අපූරු හැකියාවක් මෙම වීදිය තුල පවතී. ඒ අන් කිසිවක් නිසා නොව මහනුවර තිබෙන කාර්ය බහුලම වීදිය මෙය වන බැවිනි. එක් පසකින් HNB ශාඛාවෙන් එකෙන් ආරම්භ වන මෙම වීදිය Food City,KFC,KCC,Devon, People's Bank, Sampath Bank, White House එකින් පමනක් නොව කොයි කව්රු අතරත් ප්‍රසිද්ධ ටොරින්ටන් සාප්පු සංකීර්ණයෙන්ද මෙම වීදිය සමන්විත වී තිබේ.

තත්පර 5 ගතවී ඇත තවත් මෙතන හිටන් ඉන්න මාගෙ ලැජ්ජ නහරය ඉඩ දුන්නෙ නැත. මම නැවතත් මගේ ගමන ආරම්භ කලෙමි. විවිධාකාරයේ මිනිසුන් අතරින් මා ඉදිරියට ඇදෙන්නට විය. මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක බලිකාවන් දෙපලක් මා පසු කරගෙන ටවර් එක පැත්තට ගියාය. "බලන් ගියාම නුවර මෙච්චර කැන්ඩි ළමිස්සියොන්ට ප්‍රසිද්ධ එකේ පුදුමෙකුත් නෑ" මම මටම කියාගත්තෙමි. ඔවුන්ට මා දැමූ රබර් ඇහ නැවත කෙලින් කර ගැනීමටවත් ඉඩ නොතබමින්, උන් හිටි තැන්ද අහිමි කරමින් තවත් ළමිස්සියක් (එහෙම හිතමු) මා පසු කොට ගෙන ගියාය. හැබැයි ඒ නම් කැන්ඩි ළමස්සියක් නෙමේ. කැන්ඩි තබා ලන්කන් වත් නෙමේ. මේ වෙලාවට තමයි ගන්න අපේ දේ ලේබල් එක කන්නද කියලා හිතෙන්නෙ. නයිට් බසාර් එකේ කෑම වල සුවදෙ පිහිටෙන් යථා තත්වෙට පත් වෙන්න මට වැඩි වෙලාවක් ගත වූයේ නැත. "ඒත් මේ time එකේ කොහෙද නයිට් බසාර් ඇරලා තියෙන්නෙ". ප්‍රශ්නයකි. "කොහොම හරි ඇරලනේ මටත් ඕනෙ නැති මගුලක් නෑ..." ප්‍රශ්නයට උත්තරයකි.

ඔයින් මෙයින් යථා තත්වෙට පත්වුනු මම නැවතත් දළදා වීදිය දිගේ ඉදිරියට ඇදෙන්නට විය.
"150යි... 150යි... ගන්න නෝනා..." පොඩි කාලෙ ඉදන් මම ආස නැති මගේම වයසෙ කොල්ලෙක්ගෙ කටහඩ දකුණු පසින් ඇසෙන්නට විය. ඒ පෙරේරාය. විවිධාකාරයේ මිනිසුන් අතරින් මා ඉදිරියට ඇදෙන්නට වූයේ Tokiyo Drift ෆිල්ම් එක සිහි කරමිනි. මිනිස්සු අතරින් වෙට්ටු දමා යාමේ කැත පුරුද්ද මා පුරුදු වුනේ ගජ්ජගෙනි. මෙසේ මිනිසුන් අතරින් වෙට්ටු දදා ඉදිරියට ඇදුනු මාගේ වෙට්ටුව මට්ටු වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. මන් මේ ලෝකේ දකින්න ආසම... ආස වුනත් මග හරින ඒ දර්ශනය මගේ ඇස් දෙක ඉදිරිපිට සිටගෙන සිටි.

"කොහෙද යන්නෙ? :o" ඇය ඇසුවේ ප්‍රශ්නයක්ය. ඒත් මට ඒ ගැන වගේ වගක් නැත...  නමුත් මිනිත්තු කහිපයකින් අහපු ප්‍රශ්නෙ මට ඇසුනෙ නැති වුනත් ප්‍රශ්නයක් අහපු බව දැනුනේය. 
"මොකද්ද?? >< " මට ටියුබ් ලයිට්ය... මේ දවස් වල මට ටියුබ් ලයිට් යන වග කොයි කව්රු අතරත් ප්‍රසිද්ධය... -.-  ඒත් එයට හේතුව දන්නෙ මගේ අති ජාත මිත්‍රයා සහ මා පමණි....
"කොහෙද යන්නෙ????????????? :-/ " ඇය නැවතත් ඇසුවාය....
"ගෙදර :-x" වචන දෙකෙන් shape වෙන එක ඇගට ගුණය... මොකද ඇය ඉදිරියේ මට කියවෙන දේවල් ගැන මටවත් sure නැත...
"අපිත් යන්නෙ එහෙ තමයි :-)" මෙයා මොකද අපේ ගෙදර යන්නෙ..... 
"අපේ ගෙදර??? o.o"
"ඔව් :-)" මට සිහියට ආවේ දැන්ය ඇයගේ අම්මලයි අපේ අම්මලයි මගේ කරුමෙට ගජ මිත්‍රයෝය...
"අහෝ ටියුබ් ලයිටක මහත!!!! -.-" මම මටම කියා ගත්තෙමි...
එක අතකින් එහෙම වෙච්ච එකත් හොදය..
තමන්ගෙ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් ලෝකෙ ඉන්න එකම කෙල්ලයි පවුලේ කට්ටියයි එක්ක එකට ඉන්න ලැබෙන්න තරම් පිනක් මේ ආත්මෙ නැති වුනත් ගිය ආත්මෙ හරි මා කර ඇත...

ගෙදර ගියපු ගමන් අක්ක මට බයිටක් දුන්නාය...
"තමුසෙට අදවත් මනුස්සෙයෙක්ට වගේ පිළිවෙලකට නින්ද යයි නේ???? >.>" ඇය කියන කතාව ඇත්තය... මගේ දුකේදීත් සැපේදීත් මාව දාලා නොගිය lap එක මගේ අතට පත් වුනදා පටන් මා නිදා ගත්තේ මානව පරිණාමයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරමිනි....
ඒත් අද ගෙදර වාසය කල යුත්තේ හැදිච්ච හෝමෝ සේපියන් කෙනෙක් ලෙසිනි... මොකද ඇයගේ අම්මත් ගෙදර සිටින බැවිනි... ජීවිත කාලයේ ඕනම මනුස්සෙයෙක් මුහුන දිය යුතු රුදුරුම ඒ වගේම සුන්දරම සම්මුඛ පරීක්ෂනේ මෙයයි...
ගෙදර කට්ටිය බර කතාවකය.... මට අයියා හැම තිස්සෙම කියන තිත්ත වුනත් ඇත්ත කතාවක් මතක් විය... චතූ ඔය වෙඩින් වලට ගියාම අම්මලා කරන්නෙ මොකද්ද අරයගෙ සාරියේ දිගයි මෙයාගේ සාරි පොටේ කොටයි හොයන එකනේ... ඒවා අස්සේ තාත්තලා කරන්නෙ ලෝකෙ පෙරලන්න plan ගහන එක... :-S ගෙදර තියෙන්නෙ වෙඩින් එකක් නොවුනත් වෙඩින් එක්කවත් නැති සතුටක් ගෙදර කට්ටිය ගාව අද තිබේ... ඇය ගෙදර හිටියත් මම තනි වෙලාය... ඒ කතාවට මටත් ඇහක් දාන්න හිතුනත් අනුන්ගේ කතා වලට ඇගිලි ගහන එක තරම් මා මෙලොව පිලිකුල් කරන දෙයක් තවත් නැති නිසා මන් මගේ කාමරයට ගියෙමි... වෙනදනම් මේ වෙලාවට මන් බොක්කෙන්ම facebooking ය... ඒත් අද ඒකට mode එකක් නැත... මම ඇදේ හාන්සි වී ඔවුන්ගේ කතාවට කෙසේ වුවත් ඇයගේ කටහඩට සවන් දීගෙන සිටියෙමි... ඇයත් සමග යාලු වීම කෙසේ වෙතත් ගෙදරින් ඇයට කැමති වීම මාගේ ජීවිතේ මා ලත් එකම සහ විශාලතම ජයග්‍රහණයය...
මට Tiara Swiss Roll  ඇඩ් එක මතක් වුනි... "දැන් අපි දෙන්නා කතා කරන්නෙ නැද්ද?? :-@"
එහෙම අහන්න හිතුනත් අපෙ අක්කලා දෙන්න කොයි වෙලාවෙත් බලන් ඉන්නෙ මාව බයිට් කරන්න නිසා... මගෙ කාඩ් එකේ නාමෙන් හෙට උදේ වෙනකන් ඉවසන්න මා ඉටා ගත්තෙමි...


"අද කොහවත් යනවද?? :-)" මට හීනෙන් වගේ කව්රු හරි කතා කරනවා ඇහුනේය... මළා!!!! වෙනදා නැගිටින්න පැයක අතිරික්ත කාලයක් ඉල්ලා සිටින මට අද නැගිටීමට ගතවූයේ 1/infinity තත්පරයකි... නැගිට්ට ගමන් මන් බැලුවේ මම  නිදාගත්තේ ඇදේ මොන පැත්තටද කියාය... අවුලක් නැත මනුස්සයෙක් වගේ නිදාගෙනය...
"මොකද්ද?? :-o" සුපුරුදු පරිදි මම මෙගේ ටියුබ් ලයිට් ප්‍රශ්නය ඇයගෙන් ඇසුවෙමි....
"අද කොහෙවත් යනවද??????? :-/"
"නෑ මන් හිතන්නෙ :-o"කෙල්ලෙක් ඉදලා ඉදලා අහන මේ වගේ වැදගත් ප්‍රශ්න වලට මේ වගේ මෝඩ උත්තර දෙන එක මට ජන්මෙන් ආපු පුරුද්දකි....
"අද අම්මිලා ඉන්නවලු, ඔයගොල්ලන් ගෙ අම්මි කිව්වා කට්ටිය කොහෙ හරි යනවනම් ගිහිල්ලා දවල් කෑමට ගෙදර එන්න කියලා... >.>"
අපේ අම්මා තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකෙ තවත් නැත... බොහෝ අයට අම්මා අම්මාම පමනක් වුවත් මට ඇය මගේ හොදම යෙහෙලියය... ඇයට කියන්න බැරි දෙයක් මට නැත.. ඒ නිසා අන් සැමට වඩා ඇය මාව හදුනයි... මෙතන කට්ටය කිව්වෙ දුකේදිත් සැපේදිත් මාවම කන්න ඉන්න මගේ අක්කලා දෙන්නයි... :-P

මහනුවර town එකට ආවා පමනි.... "චතූ කෝ treats??? :-D" "මෙයා මගුලක් කතා කරනවා :-/" මන් මටම කියා ගත්තෙමි.... "හරි හරි පොඩ්ඩක් ඉන්නවකො දවල්ට set වෙමු... -.-" දෙකට තුනට නැමී කොහොම හරි treats දෙන එක දවල්ට කල් දා ගත්තේය... කොහෙමෙන් කොහොම හරි ඒ දෙන්න ගෙන් වෙන් වීමට අවස්ථාවක් උදා විය... මට පෙන්නන්නම බැරි දෙයක් තමයි ඒ ගොල්ලොත් එක්ක shopping කරන එක මේ බව දත් ඔවුන් අපි දෙන්නගෙන් වෙන් වී ඔවුන්ගේ shopping ලෝකය කරා පිය මැන්නේය... අපි දෙන්නා අපේ ලෝකය කරා පියමැන්නේය....

ලංකාවේ හිම නැති වුනත් පේරාදෙණිය මල් වත්ත මෙම කහ මල් වලින් නැහැවී ගිය කාලෙට හිම පරාදය...වැස්ස නිසා බිම වැටිච්ච සමහර මල් බෙරි වී තිබුනත් එය මල් වත්තේ ලස්සනට බාධාවක් වූයේ නැත...
ඇය මට කැමති වුනේ ඇයිද යන්න මට තවමත් හිතා ගත නොහැක...අප දෙදෙන අහසට පොළොව මෙනි.... මට ඇය කෙසේ වෙතත් ඇයට මා කිසි සේත් ගැලපෙන්නේ නැත...ඇය සුදුය මම කලුය..... ඇය මහතය මම කෙට්ටුය.... ඇය උසය මම කොටය.... ඇය American ය මම Taliban ය....ඇත්තම කියනවනම් අප යාලුවෙලාද කියන එකත් මට sure නැත.... ඇත්තටම මේවා මේ වගේ වෙලාවක සිතිය යුතු දේවල් නොවේ.... ඒත් කරන්න දෙයක් නැත... මගේ සිතුවිලි පාලනය කිරීමට මට නොහැක මොකද ඒවා මගේ බැවිනි... බැරිම තැන මම එයාගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි... ඇත්තටම ඇසුනේය...
"අපි යාලු වෙලා කොච්චර කල්ද??? O.o" අතපය දිග ඇරලා අහපු පළවෙනි ප්‍රශ්නෙම මීහරක් ප්‍රශ්නයකි.... වෙලාවකට මගේ friendaලා මට මී හරකා කියන එකෙත් පුදුමයක් නැත...මොකද මන් වැඩකට අත ගැහුවොත් ගම හාලා මඩ නාගන්න නිසා... දැන් ඉතිං කරන්න දෙයක් නැත... කියපු වචන ආයෙ ගිලින්නට බැරිය...
"අෆෝ ඔයා නම් :-S"
මේ කතාව මෙහෙම continue වෙන්න දෙන එක ඇගට ගුන නැත...
"නෑ මේ මන් බැලුවෙ තව අවුරුද්දක් වත් නෑනෙ anniversary  එකට... ^_^" කොහොමත් anniversary එක්කට අවුරුද්දකට වඩා තියෙන්න විදිහක් නැත... මොකද anniversary යෙදෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්දට නිසා.... මුලදි මට ඇය තවත් යාලුවෙක් පමනක්ම විය.... නමුත් ඇය මගේ most attractive friends ලගෙන් එක් අයෙක් විය... නමුත් මීට මාස කිහිපයකට ඉහත එක දිගට සති 2ක් හීනෙන් දැක්කෙය.... සති 2ක් එකදිගට දැක්ක විවිධාකාර සිහින තුල ඇය ප්‍රධාන චරිතයේ භූමිකාවට පන පෙව්වාය... එයට හේතුව මන් අද වෙනකන්වත් දන්නේ නැත... ඉවසා සිටිය නොහැකි තැන මා එය එකම අම්මගෙ නොවුනත් මගේම සහෝදරයෙක් වගේ හිටපු අයියා කෙනෙක්ට කිව්වේය... ඔහු එය හැදින්වූයේ love sick එක කියාය.... මා ඒ දේ පිලිගත්ත පසු මා ඇයව සිහිනෙන් දකින එක නැවතුනේය... (ඉදලා හිටලා නොදැක්කාම නොවේ) කොහොම හරි ඇය දැන් මා සමගය... ප්‍රථම ප්‍රෙමයේ බිද වැටීමෙන් පසු මා මගේ ජීවිතේට විවධ තහංචි පනවා ගත්තත් ඇයට ඒවා බාධාවක් වූයේ නැත... කිමද ඇය සැබෑ ආදරවන්තියක් නිසා...


"චතූ... පුතා..." අම්මා???? අම්මා කොහෙද මල් වත්ත අස්සෙ??? මට උඩ බිම් නැති විය...

"තේ බොන්න තේ එක නිමෙයි..." ඇය කීවාය...

"මොකක්??? o.o"

"යන්න ඔයා තේ බීලා එන්න මන් ඉන්නම් :-)"  මම ඇත්තටම හදවතින් සතුටු විය.. ඇය මාව මටත් වඩා තේරුම් ගෙන ඇත... මම නිවිච්ච තේ බොන්නේ නැත...

"මන් එහෙනම් ඉක්මනට එන්නම් ඔයාටත් මොනවා හරි අරන් එන්නම් ඔයා මෙතනම ඉන්න :-)" මම ඉක්මනට තේ බොන්න යන්න නැගිට්ටෙමි...

මගේ පපුවට අමුතු නමුත් පුරුදු රස්නයක් දැනුනි... ලැප් එක පපුව උඩ sleep mode එකේය...
මට මගේ යෙහෙළියක් වන Totem Xteph මීට අවුරුද්දකට පමන පෙර facebook හි දාපු status එකක් සිහියට නැගිනි... 


My Heart is in a Relationship But I'm Single.....

No comments:

Post a Comment