Monday, November 30, 2015

දෙනෙත...

අන්ධකාරයි...
අඳුර බියකරුය, සීතලයය යැයි ලෝකයා මැසිවිලි නැගුවත්...
එය උණුසුම් අන්ධකාරයකි...
එය සොඳුරු අන්ධකාරයකි...

මම මා දෙසට ආයෙමි...

ඒ සොඳුරු අන්ධකාරයෙන් මිදුනු මාගේ දෙනත මන්දාකිණියක අතරමං වුනි...
නීල වර්ණ මන්දාකණියක් නොවූවත්...
නීල වර්ණයට නොදෙවෙනි දීප්තියකින් බැබලූ එය...
වෙරළ වටකරගත් සොඳුරු මුහුදක් මෙන් නොව...
මුහුද වට කරගත් සොඳුරු වෙරළක් මෙන් මා හට දිස් වින...
වචන වලට පෙරලිය නොහැකිවූ ඒ සුන්දරත්වයේ පහස විදිමන්...
උණුසුම් වූත්...
සුන්දර වූත්...
අජීවී නොවූත්...
ඒ සොඳුරු මන්දාකණියෙන් මා දෙසට මම තවත් ළං වුනෙමි...

නොපෙරලුනත් ඒ සුන්දරත්වය වචනයට...

දෙතොලින් නොපවසනා වදන් වලින් මා හද ඇමතූ...
එ දෙනෙතට මම හැමදාමත් ආදරෙයි කෙල්ලෙ...

No comments:

Post a Comment