Star Walk is an interactive astronomy guide that shows celestial objects in the exact positions on the sky above you, providing detailed information about them. It helps anyone even remotely interested in astronomy find their way across the sky, determine where to look for any object, rewind or fast-forward time to see how celestial bodies move. It inspires curiosity about the Universe and helps users understand amazing cosmic phenomena.
ඔබගේ හිසට ඉහළින් ඇති අසංඛ්‍ය සංඛ්‍යාත තරු රටාවන්, ආකාශ වස්තූන් සම්බන්ධයෙන් කුතුහලයක් නැති, විස්මයක් නැති, මනුෂ්‍ය ප්‍රාණියෙක් මෙලොව සිටිය නොහැකි තරම්ය. ඒ තරමට අපි මේ නොදන්නා විශ්වයේ රහස් සම්බන්ධයෙන් ආසක්තව සිටිමු. හඳුන්වා දෙන IOS යෙදුමක් වන Star Walk 2 වෙතින් ඔබට එම කුතුහලය යම්තාක් දුරට හෝ සන්සිඳවා ගැනීමටත්, ඔබගේ දැනුමට තවත් ප්‍රයෝජනවත් ආකාශ වස්තු සම්බන්ධ දැනුම එක්කර ගැනීමටත් ඉඩ ලබා දෙනු ඇත.
සම්මාන දිනූ Star Walk යෙදුමේ ඊළඟ අදියර ලෙසින් හැඳින්වෙන Star Walk 2 මේ වන විට මිලියන ගණනක පිරිස් භාවිත කරති. මෙයින් ඔබට සරල පරිශීලක අතුරු මුහණතක් ඔස්සේ ග්‍රහලෝක, තාරකාවන්, අජටාකාශ වස්තූන් මෙතෙක් හඳුනා නොගත්, න්‍යායික අභ්‍යවකාශ ශක්තීන් හෝ වස්තූන් වැනි බොහෝදේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත හැකිය. ඔබ කල යුත්තේ ඔබගේ අයිෆෝනය හෝ අයිපෑඩය ඔබේ හිසට ඉහළින් ඇති අහස දෙසට යොමු කිරීම පමණි. Star Walk 2 මගින් ඔබට ග්‍රහ තාරකා, ඇස්ටරොයිඩයන්, වල්ගා තරු, ග්‍රහලෝක නෙබියුලාවන් වැනි ඇසට පෙනෙන සහ නොපෙනන අජටාකාශ වස්තූන් ත්‍රිමාණව පෙන්නුම් කරයි. මෙම යෙදුම ඕනෑම වයසක තාරකා විද්‍යා ලොලියකුගේ ප්‍රියතම යෙදුමක් වනු නොඅනුමානයි.
For iPhone
For iPad
For Android
For Kindle
For Windows Phone
උපුටා ගැනීම: තරුණයා පුවත්පත
No comments:
Post a Comment